සති අරණ භාවනා මධ්‍යස්ථානය තුල වැඩවසන ස්වාමීන් වහන්සේලාට සහ මෑණිවරුන්ට අවශ්‍ය කරන ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ආධාර ලබා දී උතුම් ගිලානෝපස්ථාන පුණ්‍ය ධර්මයන් රැස් කරගත හැකිය.
සති අරණ භාවනා මධ්‍යස්ථානයේ දැනට ඉදිකර තිබෙන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සදහාත් භාවනා කිරීම සඳහා පැමිණෙන ගිහි පින්වතුන් සඳහා නවාතැන් ලබා දීම පිණිස ඉදිවන නේවාසිකාගාරය සහ දාන ශාලාව ඉදිකරගැනීම සඳහාත් ඔබට හැකිපමණින් දායක විය හැකිය.
අරණ්‍ය භූමිය තුල පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ වටා බෝධිඝරය නිර්මාණය කිරීම සහ බෝධිමළුව නිර්මාණය කිරීම සඳහාද ඔබට දායක විය හැකි ය.
ඔබගේ ජන්ම දිනය, විවාහ සංවත්සරය,මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම වැනි සුවිශේෂී අවස්ථාවන් වෙනුවෙන් සති අරණ භාවනා මධ්‍යස්ථානය තුල වැඩවාසය කරන ස්වාමින්වහන්සේලාට , සිල් මෑණිවරුන් ඇතුළු භාවනායෝගී පින්වතුන්ට දානය පිළියෙල කර ගැනීම සඳහා දායකත්වය ලබා දීමට ඔබටත් එක් විය හැක . සාමාන්‍ය දෛනික කැපකරු වේතන, විදුලි බිල් ඇතුළු සම්පූර්ණ වියදම රුපියල් දසදහසකි.
SWIFT අංකය: BSAMLKLX