image 1

අපගේ අරමුණ

භාවනා මධ්‍යස්ථානය පිහිටුවීම

නව සන්ධිස්ථානයක් ලෙස සති පාසල වැඩසටහන ඔබ වෙනුවෙන් සබරගමුව පළාතේ බලංගොඩ ප්‍රදේශයේ හෙළ බෝවත්ත නම් වූ අසිරිමත් ගම්මානයේ "සති අරණ" යන අපූර්ව නාමයෙන් පැවැත්වේ.
කම්මට්ඨානාචාර්ය අතිපූජනීය කුරුණෑගල සෝභිත ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි (2009 වර්ෂයේ සිට) එහි කාර්ය මණ්ඩලය විවිධ වයස් මට්ටම් සඳහා භාවනා පුහුණුවට අදාළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එබැවින් අපගේ වෙබ් අඩවිය අධ්‍යයනය කර කර මෙම සති අරණ වැඩසටහන් වලට සහභාගී වීමෙන් ඔබටත් සැබෑ මානසික සතුට සහ සැනසීම උදාකර ගැනීමට හැකිවේවායි අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.

අපගේ භාවනා වැඩසටහන්

image 1

සතිමත් බව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ජාති, කුල, ආගම් භේදයකින් තොරව බාල, මහලු සෑම දෙනාම විසින් පුහුණු කළ යුතු යමක් වේ නම් එය සතිය(නොහොත් සිහිය) වේ. සතිමත් භාවය යනු කෙනෙකු වර්තමාන මොහොතේ පවත්නා වූ කායික දැනීම්, සංවේදනා, සිතිවිලි හා හැගීම් රටාවන් උපේක්ෂාත්මකව නිරීක්ෂණය කිරීමෙන් ගොඩනගාගන්නා වූ මානසික තත්වයකි.

image 1

මට සිහිය පුරුදු කළ හැක්කේ කෙසේද?
සතිමත් බව යනු නිසි මග පෙන්වීමක් හා අඛණ්ඩ පුහුණුව තුළින් දියුණු කළ යුත්තකි. ඔබ සිටින ස්ථානය හෝ ඉරියව්ව කුමක් වුවත් සතිමත් භාවය දියුණු කරගැනීම සදහා අවශ්‍ය පැහැදිලි මාර්ගෝපදේශය මෙම වෙබ් අඩවිය මගින් ඔබට ලබා දෙනු ඇත.

image 1

සිහිකල්පනාව කුමක් සඳහාද?
මානව ඉතිහාසය පුරා විවිධ ආසියානු සංස්කෘතීන්හි උසස් මානසික හෝ අධ්‍යාත්මික තත්ත්වයන් සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස සතිමත් භාවය පුරුදු කර ඇත. කෙසේ වෙතත්, මානසික ආතතියෙන් සහ විශාදයෙන් පෙළෙන ලොව පුරා සිටින බොහෝ මිනිසුන් ද නිරන්තර සිහිය පුරුදු කිරීම තුළින් දැනටමත් විශිෂ්ට ප්‍රතිඵල නෙළා ගනිමින් සිටිති. වර්තමාන මොහොතේ ජීවත් වීමෙන් පුද්ගලයෙකු හට අභ්‍යන්තර සාමය සහ ගැඹුරු සතුට හඳුනා ගැනීමට සහ වර්ධනය කිරීමට මෙම පිළිවෙත උපකාරී වේ.

සාමාජිකත්වය ලබා ගැනීමට

සති අරණෙහි විශේෂිත භාවනා වැඩසටහන් ඇති අතර එමඟින් ඔබට ඔබේ දුක්ඛිත තත්වයන්ගෙන් මිදීමට හා සැනසීම උදාකර ගැනීමට මඟ පෙන්වයි. තවද, එම වැඩසටහනට දෛනික භාවනා සැසි, ධර්ම සාකච්ඡා , බෞද්ධ දර්ශනය සහ එහි මග පෙන්වීම් පිළිබඳ ඉගැන්වීම් ඇතුළත් වේ. එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස, ඔබට සුන්දර, අරණ්‍ය පරිසරය තුළ භාවනාව පුහුණු කිරීමට සහ අන් අයට භාවනා උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට ද මෙමගින් අවස්ථාව ලැබේ.

image 1

අප ගැන

සති පාසල පිහිටුවීම

කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් ආගමික හා සංස්කෘතික පසුබිම නොසලකා ලෝකවාසී ජනතාවට සිහිය ඉගැන්වීම සඳහා සති පාසල නමින් අධ්‍යාත්මික වැඩසටහනක් ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා සිටින දහස් ගණනක් සතිමත් භාවය පුරුදු පුහුණු කිරීමෙන් සිතේ සාමය හා සැනසීම භුක්ති විඳිමින්, මානසික ආතතිය සහ විශාදය ජය ගනිමින් සිටිති.
සති පාසල් වැඩසටහනේ සැබෑ පණිවිඩය මෙසේය :

"ඔබ කුමන වයසක ජාතියක ආගමක හෝ සංස්කෘතික පසුබිම සිටියත් සතිමත් භාවය පුහුණු කිරීම තුළින් දුකින් නිදහස් විය හැකි බවයි."

සතිමත් භාවය පුහුණු කිරීම අපගේ ජීවිතය වෙනස් කරන ආකාරය

සුව පහසු නින්දක් ලබා දෙයි

භාවනාව, මානසික ආතතිය අඩු කර හිත සංසුන් කරන අතර මෙලටොනින් හෝමෝනය නිෂ්පාදනය කර සුවපහසු නින්දකට මග සලසයි.

පසුතැවීම අඩු කරයි

සතිමත් භාවය දියුණු කිරීම තුළින් සිතිවිලි හා එහි යථාර්ථය අත්දැකීමට හා අවබෝධ කිරීමට හැකිවීම නිසා නිකරුනේ පසුතැවීම අවසන් වන අතර එය මානසික තෘප්තියට ඉඩ සලසයි.

මනස නිරෝගී කරයි

අඛණ්ඩ භාවනා පුහුණුව සියලු මානසික රෝගාබාධ ක්‍රමානුකූලව නැති කරන අතර කායික මානසික නිරෝගී භාවය ඇති කිරීම තුළින් ප්‍රීතිමත් ජීවිතයකට මග සලසයි.

කාර්යක්ෂමතාවය වැඩි කරයි

සතිමත් බව පුරුදු කරන්නාවූ කෙනෙකුගේ මානසික ඒකාග්‍රතාවය දියුණුවීම, කරන්නාවූ කටයුත්ත පූර්ණ අවධානයකින් සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට මග සලසයි ,මීට අමතරව මතක ශක්තිය වර්ධනය වීම, නිවැරදි ආකල්පයන්ගෙන් යුතුවීම, කරන්නාවූ කටයුත්ත නිර්මාණශීලීව, සතුටින් හා සැහැල්ලුවෙන් කර ගැනීමට උපකාරී වේ.

අප සමග සම්බන්ධ වී සිටීමට